mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මට අංක එක දරුවෝ අශිකා මතසිංහ

ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. අද රසඳන තුන්වැනි පිටුව හැඩවෙන්නේ වසර ගණනාවකට පෙර එක් වෙළෙඳ දැන්වීමක් හරහා ප්‍රේක්ෂක ආදරය උපරිම දිනාගත් අශිකා මතසිංහ නම්වූ මේ සොඳුරු හැඩකාරිය සමඟයි.
අශිකා ඔබේ අසනීප තත්ත්වය කොහොමද?
දැන් ගොඩක් දුරට සනීපයි.
එක පාරටම අසනීප වුණේ ඇයි?
කාලෙකට පස්සේ ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා හොඳටම අසනීප වුණා. පපුවේ කැක්කුමක් ආවේ. මම බය වුණා වෙන අසනීපයක්ද දන්නේ නැහැ කියලා. හැබැයි අසනීප තත්වේ ගැන හිතන් නැතිව මම රූපගත කිරීම්වලට සහභාගී වුණා. දැන් ගොඩක් දුරට සනීපයි. ඉතින් ආයේ සුපුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා.
‘හිතුවක්කාරයා’ ත් එක්ක ද මේ දිනවල කාලය ගත වෙන්නේ?
ඔව්. ෂර්ලි අයියගේ ‘ඕලූ’ ටෙලි නාට්‍ය කරන කාලේදී ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ ෂර්ලි අයියගේ නිර්මාණයකට දායක වෙන්න. හිතුවක්කාරයා නිසා මට ඒ අවස්ථාව උදාවුණා.
අශිකාගේ පළමු සිනමා නිර්මාණය ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වේවි නේද?
මගේ පළමුවැනි සිනමා අත්දැකීම තමා Face to Face කියන්නේ. ක්ෂේත්‍රයේ මෙච්චර කාලයක් වැඩ කළත් සිනමා නිර්මාණයක් ඔස්සේ එන පළමුවැනි අවස්ථාව. Face to Face සිනමා නිර්මාණය හර්ෂ උඩකන්දගේ. ඔහු ගේ ඊළඟ සිනමා නිර්මාණයටත් දායකවෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
සිනමාවට එන්න මෙච්චර කාලයක් ගත වුණේ ඇයි?
ගොඩක් අධ්‍යක්ෂකවරු කතා කළා. මම දෙයක් දැනගෙන තමා ගොඩක් වෙලාවට වැඩක් කරන්න පටන් ගන්නේ. චිත්‍රපට ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැන් තමා අඩිය චුට්ටක් තියා ගත්තේ. ඉතින් පළමු අඩිය තිබ්බා. දැන් ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා.
අශිකා පසුගිය කාලය පුරාම දකින්න ලැබුණේ නැහැ නේ?
පසුගිය කාලේ තුන්වැනි දරුවා ගොඩක් පොඩි නිසා එයත් එක්ක ඉන්න ඕන වුණා. කලින් දෙන්නත් එක්ක ඒ විදියටම හිටිය නේ. දැන් නම් පොඩි එක්කෙනා මොන්ටිසෝරි යන වයසේ.
අශිකා පවුලට වගේම කලාවටත් මුල් තැන දෙනවා ?
ඔව් එහෙම තමයි ඉතින්. මොකද කලාව කියන්නේ මගේ වෘත්තිය නේ. මට වෙන රස්සාවක් නැහැනේ. ඒකෙන් තමා මම තෘප්තිමත් වෙන්නේ. මම ආසයි රඟපාන්න. මට හිතෙන්නේ රඟපානවා කියන්නේ භාවනාවක් වගේ කියලා.
දරුවන් තුන්දෙනකුගේ අම්මා කෙනෙක් කියන්නේ ලොකු වගකීමක්. අශිකා ගේ අතින් ඒ වගකීම් කියන දේ නොපිරිහෙලා ඉටු වෙනවද?
වගකීම් ගොඩක් තියෙනවා. මට ඉන්නේ දුවයි පුතාලා දෙන්නයි. දුව විතරක් නෙමෙයි පුතාලා දෙන්නත් අද කාලේ පරිස්සම් කරන්න ලේසි නැහැ. දරුවෝ තුන්දෙනාගේ හැම දෙයක්ම සොයලා බලනවා. දෙවැනියා ගොඩක් ලස්සනයි. එයාව චිත්‍රපටයකටත් ඉල්ලුවා. තවම ඒ ගැන නම් හිතුවේ නැහැ. දරුවෝ හරියට හදා ගන්න ඕන. ඔච්චරයි නේ අන්තිමට ඉතුරු වෙන්නේ. අනිත් අයත් එක්ක බලද්දී මට ගොඩක් අමාරුයි මේන්ටේන් කරන්න. ඒ තරමටම වගකීම් ගොඩක් තියෙන නිසා. මට අංක එක දරුවෝ. ඒ අයට වෙන්න ඕන වගකීම් අඩුවක් නැතිව මම ඉටු කරනවා. ඒ හැම දෙයක්ම කරන්න හස්බන්ඩ් ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.
සැමියා කිව්වොත් රංගන කටයුතු වලින් ඈත් වෙලා
දරුවෝ බලාගෙන ගෙදර ඉන්න කියලා?
නෑ එහෙම නම් තවම කියලා නැහැ. ඇත්තම කිව්වොත් එයා මගේ රසිකයෙක්. එයා කැමැති මම රඟපානවට. මම හිතන්නේ නැහැ එයා එහෙම කියයි කියලා.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

Shiran Viraj

කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..

Shiran Viraj

මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබයි

Shiran Viraj
Translate »