mediahumanrights.lk
Local News News

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

මිනිසුන් රවටා තම අභිමතාර්ථයන් සපුරා ගන්නා මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ ජීවත් වෙනවා. එසේම එවැනි අයගේ උගුල් වලට රැවටෙන පිරිසක්ද අප අතරෙ ඉන්නවා. ඒ වගේ අයෙකුට රැවටුන කාන්තාවක් පිිළිබඳව තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ගාල්ල ප්‍රදේශයේ වතු ආශ්‍රිත ගමක ජීවත් වන මෙම කාන්තාව පසුගිය දිනක ගාල්ල නගරයට ආවේ තම අවශ්‍යතායක් ඉටුකර ගැනීමේ අරමුණින්. තමන් පැමිණි කටයුතු අවසන් කරගත් ඇය නැවතත් තම නිවස බලා යාවේ අරමුණින් බස් රථයට නැග්ගා. එම අවස්ථාවේදී බොහෝ සෙයින් ඇයගේ වයසට සමානයැයි අනුමාන කල හැකි පුද්ගලයෙකුද ඇය අසලින්ම වාඩි වුනා. බස් රථය කඳු පල්ලම් අතරින් ගමනාන්තය බලා යන අතරේ මෙම පුද්ගලයා කාන්තාවගේ ඇඟට ටිකක් බර වුවද එය එකරම් ගණනකට නොගත් කාන්තාව තමන්ගේම පාඩුවේ ගමන් කරා.
ටික දුරක් ගමන් කරන විට ඇය සමඟ කතා කිරීමටද මෙම පුද්ගලයා බොහෝ සෙයින් උත්සාහ කලද කාන්තාව ඒ සඳහා උනන්දුවක් දැක්වූවේ නැහැ. නමුත් සුළු මොහොතක් ගතවන විට ඇයට අමුතු හැඟීමක් පහළ වෙමින් පවතින බව ඇයට දැනෙන්නට පටන් ගත්තා. මේ අතරේ ඇය අසළ සිටි පුද්ගලයා ඔහුගේ දුරකතන අංකය ලියා ඇයට ලබා දුන්නද ඇය එය ප්‍රතික්ෂේප කලා. මේ සිදුවීම් අතරේ බස් රථය ගමනාන්තයට ලඟා වෙමින් පැවතුනු නිසා දුරකතන අංකය ලියූ කොළය ඇයගේ උකුළ මතිත් තබා මෙම පුද්ගලයා බස් රථයෙන් බහිනවා.
එම පුද්ගලයා බස් රථයෙන් බැස ගිය පසු මෙම කාන්තාව දුරකතන අංකය ලියූ කොළය කාටත් නොපෙනෙන අන්දමින් රැගෙන බෑගය තුලට දමා ගන්නවා. පසුව නිවසට පැමිණි ඇය බසයේ දී හමු වූ මෙම පුද්ගලයා ගැන බොහෝ සේ හිතන්නට පටන්ගන්නවා. මේ අතරෙදි පුංචි වෙනසක් කරන්න ඕන කියලා හිතුන ඇය බසයේදී හමුවූ පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා ගන්නවා. දුරකතනයෙන් කතා කල විලාශය හා ඔහුගේ හඬට වශීකෘත වූ ඇය ඒ මොහොතේදීම තම ආදරය ඔහු වෙනුවෙන් පුද කලා.
පසුව දෙදෙනා අතර දිගින් දිගටම මෙලෙස දුරකතනයෙන් කතා බහ කරමින් දෙදෙනාගේ සම්බන්ධකම් වර්ධනය කරගත්තා. මේ අතරෙදි තමන් යන එන තැන් පිළිබඳවද අදාල පුද්ගලයාට කියන්නට මෙම කාන්තාව පසුබට වුනේ නැහැ. දිනකිහිපයකට පසු තමන්රා කරාපිටිය රෝහලට පැමිණෙන ප්‍රකාශ කර දෙදෙනාම එහිදී හමුවන්නට තීරණය කරගෙන තිබුණා.
රෝහලට පැමිණි ඇයට ඇයගේ පෙම්වතා ඇය වෙනුවෙන් තෑග්ගක්ද රැගෙනවිත් තිබුණි. ‘‘ මම ඔයාගෙ මාලෙට දාන්න ලස්සන පෙන්ඩන් එකක් ගෙනාවා‘‘ ඒ ඔහුගේ ප්‍රකාශයයි. ඔහු මේ තරම් ඉක්මනින් තමන්ට ලංවීම පිළිබඳව ඇයගේ හිතට විශාල පුදුමයකුත් එකතු කලා. පසුව ඔහුගේ ඉල්ලීම පරිදි පෙන්ඩනය දැමීමට ඇය මාලය ගලවා ඔහුට ලබා දෙනවා. ඔහු මාලයට පෙන්ඩනය දමා “ මමත් ටිකක් දාගෙන ඉඳලා ඔයාට දෙන්නම්“ යනුවෙන් පවසා ඔහු මාලය දමා ගත්තා. පසුව දෙදෙනා රෝහල අසලට වී බොහෝ වේලාවක් සතුටු සාමීච්චියේ යෙදී සිටියා.
‘‘මගේ යාළුවෙක් ඉන්නවා වාට්ටුවේ අපි යමු බලලා එන්නා..‘‘ යනුවෙන් ඇයගෙන් ඉල්ලීමක් කල ඔහු රෝහලට ඇතුලු වෙන්නට උත්සාහ කලද රෝගීන් බැලීමට තවත් වේලාව තිබෙන නිසා ආරක්ෂක අංශ වලින් ඔවුන්ට ඉඩ ලැබුනේ නැත. ‘‘ හරි අපි අර පැත්තෙන් යමු..‘‘ ඔහුගේ ඉල්ලීමට එකඟ වූ ඇය වෙනත් පැත්තකින් රෝහලට ඇතුලු වීමට ගියා. නමුත් ඇය පුදුම කරමින් එසනින් ඇයගේ පෙම්වතා අතුරුදහන් වුනා.
පසුව ඔහුගේ දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තද ඒ කිසිවකින් පලක් නොවීය. ඒ වන විටත් ඔහු එම දුරකතනය ක්‍රියා විරහිත කර තිබුනා. කෙසේ නමුත් ඇයට සිදු වූයේ තමන් සතු රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලය නැතිවීම පමණි.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

අත්හැර දැමූ ධීවර යාත්‍රා 176ක් පවතිනවා

Shiran Viraj

තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

Shiran Viraj

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj