27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
News Political

ප්‍රථමවරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ප්‍රථම වරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.
නියෝජ්‍ය කතානායකවරයා මේ බව ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, වැවිලි කර්මාන්ත සහ තිරසර සංවර්ධන හ තිරසර සංවර්ධන හා වනජීවී යන අමාත්‍යාංශවාල වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පාර්ලිමේන්තුව තිරසාර සංවර්ධනය වෙනුවෙන් තේරුම්කාරක සභාවක් පත් කළා. මූලික කරුණු 17ක් පදනමක් පදනම් කරගෙන මූලික සිද්ධාන්තවලට යෑම අරමුණක්. 2018 අයවැය මූලික හේතුවක් කරගන්නවා, තිරසාර සංවර්ධනය කියන කාරණයට. තෝරාගත් ඉලක්ක සඳහා මුදල් වෙන් කර ගැනීම පේනවා.2018 වර්තමාන අයවැය ප්‍රධාන ඉලක්ක 17ක් සඳහා මුදල් වෙන් කිරීම මත ක්‍රියාත්මක කරන්න පුළුවන්. තිරසාර සංවර්ධනය සඳහා තෙරුම්කාරක සභාවක් පත් කළ ප්‍රථම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවයි.”
“තිරසර අමත්‍යාංශයත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා, බලාපොරොත්තුවන ඉලක්ක සඳහා කටයුතු කෙරෙනවා ද කියල විශ්ලේෂණය කරන්න. මිලියන 800ක් වගේ වෙන් කර තිබෙන්නේ. ලෝකයේ මේවට විශාල මුදලක් වෙන් කරනවා. ලෝකයේ මෙවැනි දේට මුදල් වෙන් කරන්නේ මිණුම්දඬු සඳහයි. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ආරම්භ වෙනවා. ලෝකයේ පාර්ලිමේන්තුවල ස්වාධීන අයවැය කාර්යාල තියෙනවා. මේ හරහා කොහොමද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කියලා බලන්න පුළුවන්. තිරසාර සංවර්ධනය පිළිබඳව මුදල් වෙන් කිරීම ඉතාම අතිශය වැදගත් කරුණක්. පරිගණක ආශ්‍රිත පද්ධයක් සමඟ මෙය ශක්තිමත් කළ යුතුයි.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

Shiran Viraj

" බාල වයස්කාර දැරියක් වැඩට තියාගෙන , ලිංගික අතවරත් කරළා " කොස්වත්තේ නරුම ෆාර්ම් හිමියාගේ කෙරුම් එළියට .!

Shiran Viraj

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Shiran Viraj