mediahumanrights.lk
Local NewsNews

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අනුව දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල මිලිමීටර් 75ක් පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර උතුරු ප්‍රදේශයට ඊයේ (26) සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මුලතිවු සහ වව්නියාව ප්‍රදේශයටයි. කුඩා වැව් වැසි ජලයෙන් පිරීම හේතුවෙන් ජල ගැලීම් ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj

පූජාට සම්මාන

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj
Translate »