22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අනුව දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල මිලිමීටර් 75ක් පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර උතුරු ප්‍රදේශයට ඊයේ (26) සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මුලතිවු සහ වව්නියාව ප්‍රදේශයටයි. කුඩා වැව් වැසි ජලයෙන් පිරීම හේතුවෙන් ජල ගැලීම් ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Shiran Viraj

ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් FAO සංවිධානයෙන් ඩොලර් මිලියන 16.5ක සහනාධාර ආයාචනයක්

Shiran Viraj
Translate »