mediahumanrights.lk
Local NewsNews

දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

Shiran Viraj

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

Shiran Viraj

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj
Translate »