mediahumanrights.lk
Local NewsNews

තෙල් නැති ලොරිය ගුවන් සෙබළා බිලි ගනී

නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ කිරිමැටියාන ප්‍රදේශයේදී නවතා තිබූ
ලොරියක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් කළ ගුවන්‍ හමුදා සෙබළෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත බව කොස්වත්ත පොලීසිය කියයි.
ඊයේ (09) රාත්‍රී 8.35 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ කටුනායක ගුවන් හමුදා කදවුරේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ සේවය කරමින් සිටි සෙබළ 29361 එම්.ජී.උපුල් ප්‍රියශාන්ත නම් අයෙකි. ඔහු නාරවිල – යක්දෙස්සාව පදිංචිකරුවෙකු බව පොලීසිය කියයි.
මිය ගොස් ඇති ගුවන් හමුදා සෙබළා රාජකාරි කටයුතු අවසන් කර යතුරු පැදියකින් කටුනායක සිට යක්දෙස්සාවේ පිහිටි තම නිවස බලා ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී ඉන්ධන නොමැති කම නිසා නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ කිරිමැටියාව පන්සල් හන්දියට ආසන්නයෙන් ඇති වෙල් යාය අසල ලොරියක් නවතා තිබී ඇත.
ගුවන් හමුදා සෙබළා ගමන් කළ යතුරු පැදිය නවතා තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා සිටි ගුවන් හමුදා සෙබළාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නමුත් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට මාරවිල මූලික රෝහලේ
වෛද්‍යවරුන් කටයුතු කර ඇත. කොළඹ ජාතික රෝහලේදී අද (10 ) අලුයම ගුවන් හමුදා සෙබළා මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ ලොරිය තම බාරයට ගෙන ඇති කොස්වත්ත පොලීසිය එහි රියදුරුව ද අත්අඩංගුවට ගෙන ඇත.
කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයි

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj
Translate »