32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින පුවතක් වාර්තා වෙයි.
ඔහු නමින් ජී.ජී රුක්ෂාන් නයනකාන්ත(19) වන අතර හැටන් – වටවල – ටෙම්පල්ස්ටෝ ජනපදයේ පදිංචි කරුවෙකි.
හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති නයනකාන්ත 6 වන ශ්‍රේණියේ සිට කුරණෑගල මහව විජයබා ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
මෙම වසරේ අගෝස්තු මාසයේ තාක්ෂනීක අංශයෙන් අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යන කටයුතු කරමින් සිටියදී  මීට මාස අටකට පමණ පෙර අසනීප වී තිබේ.
මුලින්ම පිට කොන්ද ප්‍රදේශයේ කසේරුකාව මත ගැටිත්තක් පැමිණ එය විශාල ගෙඩියක් දක්වා වර්ධනය වීම නිසා මහනුවර රජයේ රෝහලේදී සැත්කමකට භාජනය කර තිබේ.
කිලෝ හතරාමාරක් පමණ වූ එම ගෙඩිය ඉවත් කිරීමෙන් පසු මාස කිපයක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද නැවතත් එම ස්ථානයේ ගෙඩියක් හට ගෙන තිබේ.
ඒ සම්බන්ධව නැවත වෛද්‍ය පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ නැවතත් සැත්කමකින් ඉවත් කළ හැකි බවත්, නමුත් ඔහුගේ ඉනෙන් පහල කොටස සදා කාලිකවම අකර්මණ්‍යවීමේ දැඩි අවධානමක සම්බාවිතාවක් පවතින බවය.
පසුව ඔවුන් සියලු වෛද්‍ය වාර්තා ඉන්දියාවේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමු කිරීමෙන් පසු සතුටු දායක පිළිතුරක් ලැබී තිබේ.
එයට අනුව දින 90 වකදී සම්පුර්ණ හා ස්ථීර සුවය ලබා දියහැකි බව සනාත කර තිබේ.
නමුත් ඒ සඳහා යොමු වීමට රුපියල් ලක්ෂ 14 ක පමණ මුදලක් අවශ්‍ය බව ඔහුගේ මව්පියන් පවසයි.
ජි .සද්ධාතිස්ස නම් ඔහුගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර එච්.එම් කරුණාවති නම් ඔහුගේ මව පෙරපාසල් ගුරුවරියක් වන අතර නයනකාන්තගේ අසනීප තත්ත්වය නිසා රැකියාවට සමු දී තිබේ.
තම දරුවා සුව කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතත් මුදල් නොමැති කමින් දැඩි ලෙස අසරණ වී ඇති බවත් එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ තම දරුවා නැවතත් දෙපයින් නගා සිටුවීම සඳහා ඉන්දියාවේ ගෙන ගොස් ප්‍ර‍තිකාර කිරීමට මුදල් ආධාර කර උපකාරී වන ලෙසයි.
උසස් පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනයට යොමුවී ඉංජිනේරුවෙකු වී රටට සේවය කිරීමට සිහින දකිමින් සිටි රුක්ෂාන් නයනකාන්ත දෙපයින් නගා සිටුවීම සඳහා උපකාර කිරිමට කැමති කෙනෙක් සිටිනම් 0719069590 / 077 3454844 දුරකථන අංක වලට අමතන ලෙස ඔහුගේ මව්පියන් පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj

"මැච් එක දින්නේ මම නිසයි, චන්දි පුතා මගේ ලගට එවපු දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" බුකිය රත් කරමින් සාස්තර කාන්තාවක් ජයග්‍රහනයට හිමිකම් කියපු හැටි..

Shiran Viraj

මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

Shiran Viraj
Translate »