mediahumanrights.lk
Entertainment Entertainment News News

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්. පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත්ත මේ රංගන ශිල්පිණීය විවධ නිර්මාණ ඔස්සේ නිර්න්තරයෙන්ම රසිකයන්ගේ ආදරයට පාත්‍ර වෙනවා. ඒ අතර මෑතකදී තිරගත වූ ඇයගේ 28 චිත්‍රපටයේ සුද්දිගේ චරිතයෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ඇය මේ සිනමා නිර්මාණය ගැන කියලා තිබුනේ මෙන්න මේ විදිහට…
විවධ නිර්මාණ ඔස්සේ රසිකයන්ගේ ආදරය දිනාගත්තේ සේමිණී ඇගේ අලුත් තොරතුරු සහ මෑතකදී විකාශය කළ 28 චිත්‍රපටය ගැන කියලා තිබුණේ මේ විදියට.
ඉතිං කොහොමද? මොනවාද මේ දවස්වල අලුත් වැඩ?
වැඩනම් කිහිපයකට අතගහලා තියෙන්නේ. අවුරුදු 05කට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඇත්තටම දැන් හොඳ ටෙලි නාට්‍ය බිහිවෙනවා අඩුයි.
වැඩිපුරම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය ඔබ ජනප්‍රිය වුණේ කොමඩි චරිත හරහා. නැවත කොමඩි චරිත රඟපාන්නේ නැද්ද?
ඔව් ආයෙමත් කොමඩි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආසයි.
අපි හැරෙමු 28 සිනමා නිර්මාණයේ සුද්දිගේ චරිතය පැත්තට. මේ සිනමා නිර්මාණයේ ඔබ නිරූපණය කරන සුද්දිගේ චරිතය ගැන කතා කළොත්?
28 කියන්නේ කාන්තාවට විශේෂ සහ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. අපේ සමාජයේ සංස්කෘතියත් එක්ක හැඟීම් හිරකරලා ඉඳලා ඒවා පිටකරන අවස්ථාවන්වල සිද්ධි වෙන සිදුවීම් සමුදායක් තමයි 28 හරහා ඔබට ගෙන එන්නේ.
සුද්දි කියන්නේ කතා කරන මෘත ශරීරයක්. සුද්දි මේ සමාජයේ පීඩාවට පත්වෙලා කුරිරු සමාජයෙන් හෙම්බත් වුණු ගැහැණියක්. ජීවත්වෙලා හිටපු සුද්දිට වඩා දූෂණය කරලා මරලා දාපු සුද්දි සමාජයට ඇත්ත කතා කරනවා. සුද්දි කියන්න හදන්නෙත් මේ සමාජයේ එක්තරා පැතිකඩක් ගැන.
කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය කියන සමාජයේ හැංගුන ලිංගිකත්ව ආශාව ඇතුලේ තෙරපෙන තිරිසන්කම නිසා සමාජයේ අපට නිතර ඇහෙන කතාවගේ තමයි අපගේ සුද්දිගේ ඉරණමත්.
චිත්‍රපටය ඇතුලේ ලිංගිකත්වය ගැනද වැඩිපුරම කතාවෙන්නේ?
මේ කතාවේ කොහේවත් ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. සුද්දි වසර 15ක් ස්වාමියාගෙන් වෙන්වෙලා ඉඳපු කාන්තාවක්. මගේ මනුස්සයා මට හම්බුණේ හම්බවෙන්න ඕනම නැති තැනකදී එයා මාව කසාද බඳින්නම් කිව්වා.
ඒත්….. සැමියාගෙන් වෙන්වෙලා සුද්දි කොළඹ රස්සාවක් හොයාගෙන යනවා. එහිදී ඇය දූෂණයට ලක්වෙලා ඝාතනයට ලක්වෙනවා. සුද්දි මියගියාට පස්සේ සැමියා එයාගේ මිනිය ගමට ගේන අතරතුර සිද්ධීන් සමුදායක් සිද්ධි වෙනවා. සුද්දි මියගියත් ඇය සත්‍යය සමාජයට කියනවා. ඇත්තටම මේ කතාව තේරුම් ගන්න ඕන නරඹලාම තමයි.
මේ මැරුණ චරිතයක් කරපු පළවෙනි වතාවද?
නැහැ. ටෙලි නාට්‍යවල මියගිය චරිත නිරූපණය කරලා තියෙනවා. ඒත් ඒ හැම චරිතයකටම වඩි සුද්දිගේ චරිතය වෙනස්. සුද්දි කියන චරිතයෙන් වෙන්නේ මරණය තුළ ඉඳගෙන ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීමක්.
ඒ කියන්නේ ඔබේ චරිතය අභියෝගාත්මකයි?
මේ රංගනය අභියෝගාත්මකයි කියනවාට වඩා බොහොම අමාරු රංගනයක් කිව්වොත් නිවැරැදියි. දුවලා පැනලා කරන රංගනයත් ලේසියෙන් කරන්න පුළුවන් වුණාට මල මිණියක් ඇතුලේ ඉන්න චරිතයක් රඟපාන එක ලේසි නැහැ.
මෙම චිත්‍රපටයේදී ඔබ ප්‍රේක්ෂකයාට මුණ ගැහෙන්නේ මෘත ශරීරාගාරයේදී. ලාච්චුවෙන් ලාච්චුවට ඇරලා පෙන්වන මෘත ශරීරවලින් මොකද්ද ප්‍රේක්ෂකයාට කියන්න හදන්නේ?
කාන්තාවට තියෙන අනාරක්ෂිත බව ලිංගික හිංසනයේ අදෝනාව දිනෙන් දින ඉහළ යන මේ ඛේදවාචකය පෙන්වන්න තමයි දූෂණය වෙලා මැරුණු තරුණියන්ගේ ශරීර පෙන්වන්නේ.
රාගයෙන් පිපාසිත වෙලා ඉන්න තිරිසන් මිනිසුන්ගේ වැඩ පේන්න බැරි නිසයි සුද්දි කියන චරිතය හරහා ප්‍රේක්ෂකයාට කියන්න උත්සාහ කරන්නේ.
අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ. මෘත ශරීරාගාරයේදී ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි. අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුටනම් බැහැ. සුද්දි කියන්නේ දූෂණය කොට මරා දැමුණු ගැහැණියකගේ ජීවිතය විවරණය කරගැනීමට කරන උත්සාහයක්.

(under the courtesy of hitnews.lk news web)

Related posts

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

Shiran Viraj

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

Shiran Viraj