දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැලිපැන්න ඉලිප්පගමුව ග්රාමයේ ජිවත් වූ වයස අවුරුදු හයක දැරියක් ඊයේ ( 22 )
රාත්රියේ සිට අතුරුදන්ව ඇති බවට දුම්මලසුරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ශේනෂා සිතුලිලි නැමති දැරියකි . මේ දැරියගේ මව පියා හැර ගොස් ඇති අතර දැරිය පියා සමග ජිවත්ව ඇත .
22 රාත්රී 08.30 ට පමණ අසල්වැසියෙකු විසින් මේ දැරිය අවසන් වරට දැක ඇති අතර දැරිය රාත්රී 10.30 ට පමණ
තාත්තේ ,තාත්තේ කියා මොර දුන් බව අසල්වැසියනට ඇසි ඇත.
දැරියගේ පියා ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිට
ඇති බවට මේ වන විට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
පියාට සිය දියණිය නිවසේ නොමැති බව දෑන ගැනීමට ලැබී ඇත්තේ අද (23) පෙරවරු අටට පමණය.
ඒ අවස්ථාවේම ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශය දුම්මලසුරිය පොලිසියට මේ බව දැනුම් දී ඇති අතර දුම්මලසුරිය පොලිසිය දැරියගේ පියා පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ අනුව කුලියාපිටිය විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පොලිස් සුනඛයන් ගෙන්වා පරීක්ෂණ සිදු කරන ලදී .
පොලිස් සුනඛයන් දැරියගේ ඇඳුමකට ඉව කර ප්රධාන මාර්ගය දක්වා ගොස් නතර වී ඇත. ඒ අනුව දැරිය වාහනයකින් පැහැර ගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.
නිවස පිහිටි ගෙවත්තේ ඇති ළිඳද පොලිස් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්විණි .
මේ දැරිය සිය පියාට දැඩි ආදරයකින් පසුව ඇති අතර පියා තමා යන ඕනෑම ස්ථානයකට දැරිය රැගෙන ගොස් ඇත. ඒ අනුව අවසන් කාලයේ දැරිය
ළදරු පාසලට හෝ නොගොස් ඇති අතර දැරිය පියා සමග සිට ඇත .
දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ආර් .එම ජයවීර මහතාගේ උපදෙස් පරිදි දැරිය සෙවීම් සදහා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ .
(under the courtesy of adaderana.lk news web)