2026-01-14
mediahumanrights.lk
NewsPolitical

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේ

අලුතෙන් බඳවා ගනු ලැබු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (15) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් සිදු කෙරේ.
මෙම පත්වීම් ප්‍රදානයෙන් පසුව මේ මස 21 වැනි දින සිට ධනාත්මක චින්තනය සහ නායකත්වය පිළිබඳ සති 3 ක නේවාසික පාඨමාලාවක් ශ්‍රී ලංකා යුදහමුදාව සමඟ සම්බන්ධ වී මූලස්ථාන 14කදී ක්‍රියාත්මක කිරීමට ද එම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

(under the courtesy of news.lk news web)

Related posts

ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයි

Shiran Viraj

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj
Translate »