mediahumanrights.lk
Local NewsNews

අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයි

තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ .
වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ.
ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා  හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ .
හම්බන්තොට සිදු කරනු ලබන  සංවර්ධන කටයුතු හමුවේ වන අලින්ගේ වාසස්ථාන අහිමි වෙමින් පවතින අතර වන අලින් හට වෙන් කර ඇති යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයද මේ වනවිට විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ,ජාවාරම් කරුවන්ගේ හා වන ගාතකයින්ගේ ගොදුරක් වීම තුල මෙම ගැටළු මතුවී ඇති බව වනජීවී නිලධාරින් පෙන්වා දෙයි.
මේ අතර යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ හා ඒ අවට ජනතාවගේ රැකවරණය තහවුරු කිරීමට හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු බව පරිසර වේදී සජීව චාමිකර ප්‍රකාශ කරයි

(under the courtesy of adaderana.lk news web)

Related posts

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

Shiran Viraj

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්න

Shiran Viraj
Translate »