mediahumanrights.lk
NewsPolitical

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහුණදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමටද මෙහිදී අපේක්ෂා කරන බව වාර්තා වේ.
එමෙන්ම පලාත් පාලන සහ පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඉදිරිපත් ව ඇති විශ්වාසභංග යෝජනා පිලිබදවද මෙහිදි සාකච්ජා කිරිමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරී

Shiran Viraj

බරපතළ වංචා සම්බන්ධ ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරයි

Shiran Viraj

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »