mediahumanrights.lk
NewsPolitical

විගණන පනත් කෙටුම්පත ගැන ජනපති හා කථානායක දැනුවත් කෙරෙති

විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිතුමා කථානායකවරයා ඇතුළු පාර්ශව දැනුවත් කර ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ කෙටුම්පත සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධන තුළින් මූලික කෙටුම්පතෙහි පැවති ප්‍රබල තත්ත්වය අඩු වී ඇති බව ය.
විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරිණි.
එම අනු කමිටුව පනත් කෙටුම්පත සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සමබන්ධයෙන් ද ශ්‍රී ලංකා විගණන සේවා සංගමය දැඩි චෝදනා එල්ල කළේ ය.
අප කළ විමසීමකදී විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ අනු කමිටුව සංශෝධන සම්බන්ධයෙන් තමා සමග කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකළ බව ය.
අනු කමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා තුළින් අධි භාරය පැනවීමේ බලය අමාත්‍යංශ ලේකම්වරුන්ට ලබා දීමට නිර්දේශ කර ඇති බව පසුගියදා හෙළි විය.
මේ අතර කිසිදු සංශෝධනයකට ලක් නොවූ ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යොජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග මෙතෙක් තීරණය කර නොමැත.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

Shiran Viraj

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Shiran Viraj

වැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයි

Shiran Viraj
Translate »