31.1 C
Colombo
2026-02-26
mediahumanrights.lk
NewsPolitical

ලෝක ජනාවාස දිනය අද – 1500කට නිවාස ණය හා ඔප්පු

ලෝක ජනාවාස දිනය අදට (02) යෙදී තිබෙනවා.
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ මූලික අවශ්‍යතාවක් වන නිවහන ඒ තුළ ජිවත් වන පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය වී ඇති බවයි. වත්මන් රජය දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කරන ‘සැමට සෙවන’ ජාතික වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන සියලූ ජන කොටස්වලට සරිලන නිවහනක් උරුමකරදීම එම වැඩසටහනේ මූලික අරමුණක් වන බවද එම නිවේදනයේ සඳහන්.
පුද්ගල සිතුම් පැතුම් අනුව ඔවුන්ට වඩාත් ගැලපෙන නිවස තෝරා ගැනීමේ පූර්ණ නිදහසක් පැවතිය යුතු බව ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ සදහා සුදුසු මාර්ගෝපදේශකත්වයන් සැපයීම රජයේ වගකීමක් වන බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර ලෝක ජනාවාස දින මෙවර ප‍්‍රධාන වැඩසටහන් මාලාව මාතර දිස්ති‍්‍රක්කය කේන්‍ද්‍රකර ගනිමින් පැවැත්වෙනවා.  ඒ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන්.
මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රතිලාභීන් 1500 කට අධික පිරිසකට නිවාස ණය ආධාර සහ හිමිකම් ඔප්පු ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

(under the courtesy of nethfm news web)

Related posts

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

Shiran Viraj

අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලා

Shiran Viraj

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj
Translate »