mediahumanrights.lk
NewsPolitical

විමල්ගේ බෝම්බ කතාව ගැන කතානායකගෙන් නිවේදනයක්! උපක්‍රමයට හසුවූ බව විමල් කියයි

පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස් වූ විගසම පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කර, සුදුසු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව කතානායක කරු ජයසූරිය මහතා දැනුම් දෙයි.
කතානායකවරයා වෙත පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන් විවිධ පාර්ශවයන් විසින් කරනු ලැබූ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්මින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බැවින්, මේ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් දිගින් දිගටම කතානායකවරයාගේ අවධානයට යොමු කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිළිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොකතන ලෙස ද එම සෑම පාර්ශවයක් විසි න්ම කතානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.
උපක්‍රමයට සියලුදෙනාම හසුවෙලා
කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ තමන්ගේ උපක්‍රමයට සියලුදෙනාම හසුවී ඇති බවයි.
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමන්ටද වුවමනා වූ පරිදිම මෙම බෝම්බ වචනය දැමූ සැනින් සියල්ලන් එහි පැටලුන බවත් දැන් එම සාකච්ඡාව තවත් ඉදිරියට කරගෙන යාමට ඉබේම මාවත පෑදී ඇති බවත් තමන්ගේ උපක‍්‍රමයට ඒ සියළු දෙනා අසුවී ඇති බවත් ඔහු සදහන් කළේය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!

Shiran Viraj

හාල් කිලෝවක් රු 10 කින් බහී

Shiran Viraj

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Shiran Viraj
Translate »