mediahumanrights.lk
International NewsLocal News

උතුරු කොරියාව සමග සාකච්ඡාවට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්ට වුණ දේ

තුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මගින් මතුව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ගනිමින් ඇති උත්සාහය ‘අර්ථයක් නැති කාලය කා දැමීමක්’ පමණක් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
‘ට්විටර්’ පණිවුඩයක් මගින් සිය රාජ්‍ය ලේකම්වරයා අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පෙන්වා දී තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම ‘ට්විටර්’ පණිවුඩය නිකුත් කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සන්නිවේදන සබඳතා ඇති බවට කරුණු පළ වීමෙන් අනතුරුවයි.
රාජ්‍ය ලේකම් ටිලර්සන් එම සබඳතා හෙළිදරව් කර තිබුණේ සාකච්ඡා සඳහා උතුරු කොරියානු පාලනය තුළ එක්තරා කැමැත්තක් ඇති බවක් පෙන්වා දෙමිනුයි.
පසුගිය මාස කිහිපය පුරාම එක්සත් ජනපදය සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක පැටලී සිටියදී එම දෙපාර්ශ්වය අතර මෙලෙස සන්නිවේදන සබඳතා පැවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වාග් සංග්‍රාමයේදී උතුරු කොරියානු වත්මන් පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ “සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් මිනිසෙකු” ලෙසටයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ “ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගන්නැයි” කියා සිටිමින්.

(under the courtesy of nethfm news web)

Related posts

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Shiran Viraj

දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්

Shiran Viraj

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

Shiran Viraj
Translate »