mediahumanrights.lk
Entertainment Entertainment News News

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

කාලයත් එක්ක රංගනයෙන් ඈත් වෙලා හිටිය ඇය, මේ දිනවල නැවතත් පුංචි තිරයේ දකින්නට ලැබෙනවා. ගොඩක් කාලෙකින් මුණගැසුණු නිසා ඇයගෙන් අපිට අහන්න දේවල් ගොඩක් තිබුණා.
තරුෂිව වැඩිය දකින්න නොලැබෙන්නේ ඇයි ?
පුතත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ඕන නිසා තෝරාගත් නිර්මාණ කිහිපයක විතරක් රංගනයෙන් දායක වෙනවා. පුතාගේ කටයුතු වලට මුල් තැන දෙන්න ඕන නිසා මම අවුරුදු 3 ක් විතර කලාවෙන් ඈත් වෙලා හිටියා.
චුටි පුතාට දැන් අම්මව නැතිවම බෑ වගේ.
ඔව්. තරුල් ගෙන් එක මොහොතක්වත් ඈත් වෙලා ඉන්න බැහැ. මගෙයි මහත්තයාගෙයි ලෝකේ එයා. දැන් එයාගේ වයස අවුරුදු 2 යි මාස 4 ක් වෙනවා.
රංගන වැඩකටයුතු කොහොමද?
නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදීම අලුත් නිර්මාණයක් එන්න තියෙනවා. ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවනි. බොහොම ආදරණීය අම්මා කෙනකුගේ චරිතයක්.
දෙවෙනි ඉනිමේ සමල්කාගේ අම්මා විදියටත් රංගනයෙන් දායක වෙනවා. තාම කොටස් කිහිපයක විතරයි මාව දකින්න ලැබුණේ. හැබැයි ඉදිරියට විකාශනය වෙන්න තරම් මම ඇවිත් නැහැ.
ඉස්සරහට මම චරිතේ ඉන්නවා. හැමෝගේම හිත් දිනාගත් ටෙලි නාට්‍යයක වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. මේ මොහොතේදී අධ්‍යක්ෂවරයාට ස්තූතිවන්ත වෙනවා මාව මතක් වීම ගැන. මම ඔහුත් සමඟ මීට කලින් වැඩ කරලා තිබුණේ නැහැ.
අහම්බෙන් ලැබුණු අවස්ථාව තරුෂිට හොඳට ගියා නේද?
මේ ටෙලි නාට්‍යයට රඟපාන්න මට කතා කළ එකට මට ම පුදුමයි.. මම අවු. 3 ක් රංගනයෙන් ඈත් වෙලා හිටිය නිසා මේ ලැබුණු නිර්මාණය මම හරිම අසාවෙන් වගේම ලොකු කැපවීමකින් කරන්නේ.
තරුෂි ඉදිරියේදී අඩුවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් බවට පත් වෙයිද?
මෙහෙමයි. මම කොහොමත් විවාහ වෙන්න කලිනුත් තෝරා බේරාගෙන තමා නිර්මාණවලට දායක වුණේ.මම තෝරාගත් නිර්මාණවලට උපරිම සාධාරණය ඉටු කළා. ඉටු කරනවා. පවුලට වගේම කලාවට අසාධාරණයක් නොවෙන විදියට නිර්මාණ තෝරා ගන්නවා.
මට නිර්මාණයක් ඇතුළේ දෙයක් කරන්න පුළුවන් චරිතයක් නම් , ඒ දේ හරහා ප්‍රේක්ෂකයන් තෘප්තිමත් නම්, සතුටු වෙනවා නම් මමත් ඒ ගැන සතුටු වෙනවා. එහෙම නැතිව පෞද්ගලික ජිවිතයට ගැටළුවක් වෙන සහ ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැති නිර්මාණ සඳහා දායක වෙන්නේ නැහැ.
මම දැනට භාර ගත්ත නිර්මාණ දෙකේම මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පිටරට ප්‍රේක්ෂකයින් පවා ලැබෙන්නේ සුබ ප්‍රතිචාර. හොඳ නිර්මාණයක් තුළදී ලබන සතුට කලාකාරිනියක් විදියට මම උපරිමයෙන්ම ලබනවා.
තරුෂි ගැන නොදන්නා දෙයක් තියෙනවද?
මං ගැන? ඔයා මොකද්ද කියන්න හදන්නේ
ඇයි ඔබ තිර පිටපත් රචිකාවියක් කියන එක?
ඔව්. ඉදිරියේදී මමත් ආසයි තිර පිටපත් රචනයෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඉතිං මගේ පළමුවැනි තිර පිටපත් රචනය තුළින් ළඟදීම ටෙලි සිතුවමක් හැඩ වෙන්න නියමිතයි. ගොඩක් කාලෙක ඉඳන් ලියපු තිර පිටපතක්.
මේ දේ ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. දැනට කොටස් 50 ට සිමා වුණු ටෙලි සිතුවමක් වෙයි. හැබැයි විකාශනයත් එක්ක සමහරවිට මීට වඩා කොටස් ඉදිරියට යයි. ලියන පැත්ත මගේ අතින් සිදු වෙන නිසා වෙනස්කම් එක්ක අපුරු කතාවක් ගොඩ නැගෙයි. නිර්මාණයේ වැඩ කටයුතු තව මාස 2 කින් නැවත ආරම්භ කරනවා.
අද රංගනයේ ඇතුළේ විවිධ රැලි තියෙනවා කියලා ඔබ පිළිගන්නව ද?
රැලි නම් තියෙනවා. මට කලාව වෘත්තියක් කරගෙන ඉන්න බැහැ. මොකද එහෙම වුණොත් අපිට යන රැල්ලේම යන්න වෙනවා. මම යන රැල්ලේ යන නිළියක් නෙමෙයි. ලැබෙන නිර්මාණය හොඳ එකක් නෙමෙයි නම් මම ඒ නිර්මාණය නොකර ඉන්නවා. නමුත් හොඳ නිර්මාණයක් අවොත් භාරගන්නවා.මට සල්ලි නැති අවස්ථාවක වුණත් නිර්මාණය හොඳ එකක් නොවේ නම් මම භාරගන්නේ නැහැ.
අද සමහර නිර්මාණ තුළ එකම මුහුණු දකින්න ලැබෙන්නේ. ඔබ කරන අලුත් නිර්මාණය ඇතුළේත් ඒ දේ තියෙනවද?
අද කලාව තුළ ප්‍රවීණයන් ටිකක් අඩුවෙලා තියෙනවා. ඒ ගැන දුකක් තියෙනවා. පෞද්ගලික මට දුකක් තියෙනවා.අලුත් මුහුණු අතරේ දක්ෂ ළමයි ඉන්නවා. අපිට කලින් ක්ෂේත්‍රයට ආව පැරැණි අය දැන් අඩුයි. පරණ අයට තව අවස්ථා ලැබිය යුතුයි කියන තැන මම ඉන්නේ.
මගේ නිර්මාණය ඇතුළෙන්ම මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නම්. මගේ නිර්මාණය ඇතුළේ හැම කෙනකුටම අවස්ථාව ලබා දීලා තියෙනවා. පැරැණි පරම්පරාව, අපේ පරම්පරාව සහ අලුත් පරම්පරාව කියන හැම පරම්පරාවක නියෝජනයක් මගේ නිර්මාණය ඇතුළේ තියෙනවා. ඔය කියන කවුරුත් අතහැරලා නැහැ.
මම අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට වරදක් කියනවා නෙමෙයි. සමහර විට ඒ අයට ඒවගේ අදහසක් එන්නේ නැතුව ඇති. ඒ අය පිරිස් තෝරා ගන්නවා ඇත්තේ එයාලගේ පහසුව, චරිතෙට ගැළපෙන ගැන හිතලා. ඉතිං ඒ අයට වැරැද්දක් කියන්න බැහැ. හැබැයි මම කිසිම කෙනකුට අසාධාරණයක් කරලා නැහැ.
සැලෝන් එකේ වැඩ කටයුතු කොහොමද?
පුතාගේ වැඩ කටයුතුත් එක්ක ගෙදරදී ඒ වැඩ කරන්න අමාරු නිසා සැලෝන් එක නුගේගොඩට ගෙනියනවා. ලබන සිකුරාදා සුබ මොහොතින් ආරම්භ කරන්නේ ඉන්නේ. දක්ෂ පළපුරුදු ළමයින්ට අවස්ථාව දෙන්න සුදානමින් ඉන්නවා. ඒ විදියට තමා සැලෝන් එකේ වැඩකටයුතු කෙරෙන්නේ.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Shiran Viraj

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

Shiran Viraj

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

Shiran Viraj