26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටි

ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා.
මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් මෙම 21 හැවිරිදි රෝහින්ග්‍යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා.
මෙම ස්ත්‍රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා.
මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.
මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි.
ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.
එම කාලය අතරතුරදීයි මෙම ගල්කිස්සේ ඇති වූ සිද්ධිය වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ තවත් වාර්තා පහතින් දැක්වෙයි

(under the courtesy of nethfm news web)

Related posts

ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…

Shiran Viraj

කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…

Shiran Viraj

මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

Shiran Viraj
Translate »