mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ ඊයේ (16) ඩකා නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුවයි.
කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ජීවන් මෙන්ඩිස් චිතගොංග් වයිකින්ග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
ශෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර නියෝජනය කරන්නේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමයි.
තිසර පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා රන්පූර් රයිඩර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
දසුන් ශානක සහ චතුරංග ද සිල්වා සිලෙක්ට් සික්සර්ස් කණ්ඩායම මෙවර නියෝජනය කිරීමට නියමිතයි.
බංගලිදේශ ප්‍රීමියර් ලීග් කි්‍රකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 08 වැනිදා ආරම්භ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

Shiran Viraj

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj
Translate »