mediahumanrights.lk
Local NewsNews

නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේ

රුවන්වැල්ල, ගෝණගල්දෙණිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පස් කපමින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී ටිපර් රථ 07ක් සහ ස්කැටේවර් යන්ත්‍රයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිඇල්ල, කිරිදිවල, වහරක, රුවන්වැල්ල, මීරිගම, අත්තනගල්ල, වේගයන්ගොඩ සහ එල්ලක්කවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(19) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රුවන්වැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

යළි ඉපදෙන 'කොළඹ සන්නිය '

Shiran Viraj

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

Shiran Viraj

ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්

Shiran Viraj
Translate »