2026-02-12
mediahumanrights.lk
Local NewsNews

"දියකාවා" පුහුණු අභ්‍යාසයේ ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මත්තලදී

අටවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම” අද (19) සවස 4.30ට  මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
මෙහිදී අද සිදු කරනු ලබන්නේ සතුරු ග්‍රහණයේ සිටින පිරිසක් ගලවා ගැනීමේ ක්‍රියාන්විතයක්.
මෙවර දියකාවා මෙහෙයුම සඳහා 2000කට අධික යුධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වන අතර යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ බලකා සහ යාන්ත්‍රික පාබල භටපිරිස් ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා.
මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 370ක භට පිරිසක් හා ගුවන් හමුදාවේ 197ක භට පිරිසක් ද මෙයට එක් වනවා.
බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, බ්‍රසීලය, සුඩානය, ඉරාකය, ඊශ්‍රායලය, ඕමානය, තුර්කිය, ඉරානය සහ කෙන්යාව නියෝජනය කරමින් 69දෙනෙකු විදේශ හමුදා සාමාජිකයින් ලෙස මෙයට සහභාගි වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

Shiran Viraj

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Shiran Viraj

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

Shiran Viraj
Translate »