mediahumanrights.lk
Local NewsNews

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු පිටිගල, ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 17500ක් මුදල් ඇපයක් මත නිදහස් කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana news web)

Related posts

වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..

Shiran Viraj

වී කිලෝව රුපියල් 250 පනී..

Shiran Viraj

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

Shiran Viraj
Translate »