mediahumanrights.lk
NewsPolitical

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

අසල්වැසි මිතුදම ශක්තිමත් බව පෙන්වා තමා වෙත උපන් දින සුබ පැතුම් එක්කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ස්තුතිය පල කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 66 වන ජන්ම දිනය ඊයේ (17) දිනට යෙදී තිබු අතර තමන්ගේ නිල ට්වීටර් පිටුව හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබුණා.
උපන් දිනයට සුබ පැතුම් එක්කරන අතර ඔබගේ අනාගත අභිලාෂයන් සාර්ථකවීමට ප්‍රර්ථනා කරන බව පැවසු අග්‍රාමාත්‍යවරයා ඉදිරි වර්ෂවල ද මෝදි සමග එක්ව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව කියා සිටියා.
ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වසර 2500 ක ඈත අතීතයක් කරා දිව යන දෙරටේ සම්බන්ධතාවයන් මෝදි යුගයේ දී ද එලෙසම පවතින බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

Shiran Viraj

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj
Translate »