mediahumanrights.lk
NewsPolitical

20 උතුරේ පරදි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට වී තිබෙනවා.
උතුරු පළාත් සභාවට අද (04) පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කළා.
උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම්  විසින් 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා කෙටුම්සපත සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා  විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළා.
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසුවා.
ඔහු කියා සිටියේ නව  ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj

වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑ

Shiran Viraj

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

Shiran Viraj
Translate »