mediahumanrights.lk
News Political

20 උතුරේ පරදි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට වී තිබෙනවා.
උතුරු පළාත් සභාවට අද (04) පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කළා.
උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම්  විසින් 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා කෙටුම්සපත සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා  විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළා.
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසුවා.
ඔහු කියා සිටියේ නව  ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

Shiran Viraj

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj