32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම

විදුලි සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අවස්ථාවක ප‍්‍රදේශ කිහිපයකින් විදුලි බිදවැටීම් වාර්තා වනවා. අම්පාරේ නෙත් නිවුස් ශ‍්‍රාවකයෙකු තමන් මුහුණපා ඇති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් පැවසුවේ විදුලිය නොමැති වීමෙන් වන අලි ප්‍රශ්නයද උග්‍ර වී ඇති බවය.
ගල්කිස්ස, පුත්තලම, අම්බලන්තොට, බලංගොඩ හා අම්පාර යන ප‍්‍රදේශවල ස්ථාන රැසකින් විදුලි බිදවැටීම් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.
විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ අයහපත් කාලගුණය හා විවිධ හේතූන් මත ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිද වැටී ඇති බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් විදුලි සේවකයින් පිරිසක් වර්ජනයට එක්වීම හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බාධා එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් වර්ජනයට එක්නොවන සේවකයින් යොදවා බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ.
කෙසේවෙතත් කිසිදු සේවකයෙක් අද රාජකාරියට වාර්තාකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. තමන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය කිසිසේත් අත්නොහරින බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් කියාසිටියේ.
සේවකයින් පිරිසක් දැනටමත් සේවයට වාර්තා කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන කියාසිටියේ.
වෘත්තීය සමිති සහ අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. කෙසේවෙතත් සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා

Shiran Viraj

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

Shiran Viraj

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Shiran Viraj
Translate »