mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

පසුගිය මාස කීපය තුළ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කීපයක මෝ පෙට් වර්ගයේ යතුරු පැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15 ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින්  අද (04)දින අත්අඩංගුවට ගෙන තිබේ .
පසුගිය දින කීපය තුළදී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මේ ආකාරයේ යතුරු පැදි නැතිවී තිබෙන බවට ලුණුගම්වෙහෙර පොලිසියට ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ ලුණුගම් වෙහෙර පොලිසිය ප්‍රදේශයේ යතුරුපැදි උකස් ගන්නා ස්ථාන කීපයක් පරික්ෂා කිරීමේදී හම්බන්තොට අන්දරවැව ප්රුදේශයේ උකස් ගන්නා ස්ථානයක තිබ සොරාගන්නා ලද යතුරුපැදියක් සොයාගෙන ඇත.
පොලිසිය එය උකස් කළ තැනැත්තා සොයා ගෙන ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද (04)උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු  බුත්තල ස්ථාන කීපයකට විකුණු හා උකස් කර ඇති යතුරු පැදි හා එම සොරකමට සම්බන්ද අනෙක් සැකකරුවන් දෙදෙනා බුත්තල අත්අඩංගුවට ගෙන තිබ.
සොරාගත් යතුරුපැදි 15 වටිනා කම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බව පොලිසිය සදහන් කළේය.
අත්  අඩංගුවට ගත් සැකකරුවන් 05 දා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj
Translate »