mediahumanrights.lk
Local NewsNews

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ අදාළ මංතීරු භාවිත කරන ලෙස පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.
තෙවන පාසල් වාරය හෙටින් ආරම්භ කෙරෙන අතර මාර්ග තදබදය අවම කිරීමට මේ හරහා අවස්ථාවක් ලැබෙනු ඇති බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එම නිවේදනය,
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන   ආරම්භ කළ අතර මේ වන විට අධික තදබදයක් පවතින තෝරාගත් මාර්ගයන් කිහිපයක මෙම මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.
ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස්රථ සඳහා පමණක් මෙම මංතීරුව වෙන් කරනු ලැබූ අතර මේ වන විට එම මංතීරුව පාසල් ළමුන් ප‍්‍රවාහණය කරනු ලබන පාසල් බස්රථ සහ වෑන් රථ සඳහා ද භාවිත කිරීමට අවසර ලබාදී ඇත. ඒ අනුව 06 වෙනිදායින් එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව පාසල් ප‍්‍රවාහන සේවා කටයුතු සිදු කරන රියදුරන් වෙත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙයින් දැනුම් දෙනු ලැබේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන්  ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව පසුගියදා කොළඹ නගරය ආශි‍්‍රතව ප‍්‍රමුඛතා මංතීරුව ක‍්‍රියාත්මක කෙරිණ.
(under the courtesy of adaderana news web)

Related posts

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

Shiran Viraj

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Shiran Viraj
Translate »