mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ ඊයේ (16) ඩකා නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුවයි.
කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ජීවන් මෙන්ඩිස් චිතගොංග් වයිකින්ග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
ශෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර නියෝජනය කරන්නේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමයි.
තිසර පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා රන්පූර් රයිඩර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
දසුන් ශානක සහ චතුරංග ද සිල්වා සිලෙක්ට් සික්සර්ස් කණ්ඩායම මෙවර නියෝජනය කිරීමට නියමිතයි.
බංගලිදේශ ප්‍රීමියර් ලීග් කි්‍රකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 08 වැනිදා ආරම්භ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Shiran Viraj

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Shiran Viraj

පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..

Shiran Viraj
Translate »