mediahumanrights.lk
Local NewsNews

දත් කැඩී මුහුණේ තැලීම්..ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයාගේ මරණය සැකයට – ගල්කිස්සේ හෝටලයේ දී චමින්දට මොකද වුණේ ?

චමින්ද විජේතිලක නම් වන අලුත විවාපත් ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැක ඇතිවීම නිසා ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල පොලිසියට කරුණු වාර්තා කර ඇති බව nethnews.lk වෙත වාර්තා වනවා.
ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී සිහිසුන්ව රෝහල්ගත කර ඇති ඔහුගේ දත් කැඩී ගොස් ඇති බවත් මුහුණේ සැකසහිත තැලීම් ඇති බවත් එම වාර්තා මගින් පැවසෙනවා.
පැරසිටිමෝල් වැඩි සාන්ද්‍රණයක් සිරුරේ තිබී ඇති බවත්  හෙළිව තිබෙනවා.
පසුගිය මස 18 වන දින  විවාහවී ඇති ඔහු සිදුවීම වන දිනද බිරිඳ  සමග එහි සිට ඇති බවයි  nethnews.lk වෙත වාර්තා වුණේ.
මෙම සිදුවීම සිදුවන දින බිරිඳ කිසියම්  අවශ්‍යතාවක් සඳහා  ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයෙන් පිටව ගොස් තිබෙනවා.
පැය කිහිපයකට පසු මෙම ව්‍යාපාරිකයාගේ  මිතුරන් දෙදෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර  ඇතුළතින් අගුළු දමා දොර වසා තිබූ බවයි සඳහන් වන්නේ.
පසුව එම මිතුරන් දෙදෙනාට ඇතුළතට යන විට ඔහු  බිම වැටීසිටිනු  දැක ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

2022 දී ඉන්දියාවේ බුලට් දුම්රිය ධාවනය ඇරඹේ

Shiran Viraj

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Shiran Viraj

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

Shiran Viraj
Translate »