mediahumanrights.lk
Local NewsNews

තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද(06) ආරම්භ වෙයි.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා යොදාගන්නා  පාසල් 05ක් හැර අනෙකුත් පාසල් මෙලෙස අද දින තෙවන පාසල් වාරය ආරම්භ කරනු ඇත.
මුස්ලිම් පාසල්වල තෙවල පාසල් වාරය මේ මස 11 වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් මහනුවර ප්‍රධාන පෙලේ පාසල් දෙකක සිසුන් හා ගුරුවරුන් අපහසුතාවයට පත්වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මෙවර පවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබූ මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලය පසුව එය මහනුවර ඩී.එස් සේනානානායක විද්‍යාලය ලෙස වෙනස් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වෙයි.
නමුත් අදාළ ඇගයීම් මධ්‍යස්ථානය ලෙස නැවතත් මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලය තෝරාගැනීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී අදාළ පාසල් දෙකෙහි සිසුන් හා ගුරුවරුන් අපහසුතවයට පත්වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්

Shiran Viraj

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

Shiran Viraj
Translate »