mediahumanrights.lk
Local NewsNews

"තුශාන් පුතා" ධීවර යාත්‍රාවට ගාළු මුහුදේදි හදිසියේ හමුවූ හඳුනා නොගත් වස්තුව – Photos

ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ යානාවක කොටසක් බවට සැක සිතිය හැකි හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයන් පිරිසක් විසින් ඊයේ (14දා) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
දිගින් අඩි හතරක් පමණ වන මේ හඳුනා නොගත් වස්තුව ධීවරයන්ට හමුවන විට පාවෙමින් තිබූ බවද මේ හඳුනා නොගත් වස්තුව බහුදින යාත්‍රාව මතට ගෙන එහි ඇනිය මත තබාගෙන ඊයේ දහවල් ගොඩබිමට රැගෙන ආ බවද අදාළ යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයකු පැවසුවා.
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ආපසු ධීවර වරාය වෙත එමින් සිටි තුශාන් පුතා ධීවර යාත්‍රාවෙ සිටි ධීවර කාර්මිකයන් පිරිසකට මේ හඳුනා නොගත් යානා කොටස හමුව තිබුණා.
ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන්ද මේ හඳුනා නොගත් යානා කොටස තිබූ ස්ථානය වෙත ගොස් තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

තිස් වසරක කඳුළු පිස එදා විජයග්‍රහණ සැමරුවේ මෙලෙසයි

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj
Translate »