mediahumanrights.lk
Local NewsNews

ගුරුවරිය අපහාස කල නිසා මවට ලිපියක් ලියා ජීවිතයෙන් සමුගත් දැරිය

“අම්මේ ! මට සමාවෙන්න”
පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීලා…
දැරියක් සිය පන්ති කාමරය තුළදී ඔසප් වීමේ සිද්ධියක් දැක කෝපයට පත් ගුරුවරියක් ඇයට අපහාස කිරීමක් නිසා දැරිය සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වුණා.
මෙලස සියදිවි හානිකරගෙන ඇත්තේ 12 හැවිරිදි තමිල්නාඩු දැරියක්.
ඇයට පන්ති කැමරයේදී ඔසප් රුධිර පැල්ලමක් සිදු වී තිබෙන බව දුටු ගුරුවරිය ඇයට බැණ වැදී අපහසා කිරීම නිසා හේතුවෙන් මෙලෙස සියදිව නසාගෙන ඇත්තේ.
මෙම දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තිබෙනවා.
දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ “අම්මේ ! මට සමාවෙන්න” යනුවෙන් සිය මව අමතමිනි.එහි සඳහන්ව ඇත්තේ ගුරුවරිය තමාට “හිරිහැර” සිදු කරන ලද බවයි.
පන්තියේදි දෙන ගෙදර වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙරද තම දියණියට දඬුවම් දී ඇති බවයි දැරියගේ මව චෝදනා කර ඇත්තේ.
ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බවවි දැරියගේ මව පවසා ඇත්තේ.
මෙලෙස ගැහැණු ළමුන්ගේ ඔසප් වීම සිද්ධිය ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහනම් දෙයක් ලෙසයි.
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.
දැරියගේ මව බී.බී.සී ලෝක සේවයට පවසා තිබුණේ මෙවැන්නක්..
“මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය ‘පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා” එම මව පවසයි.
“ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?” දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.
(under the courtesy of hirunews news web)

Related posts

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Shiran Viraj

කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවා

Shiran Viraj
Translate »