mediahumanrights.lk
International NewsNews

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.
මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහ වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳගත යුතුව තිබුණා.
අන්‍යාගමික පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් 1973 දී ක්‍රියාත්මක කරන ලද නීතිය ඉවත් කරමින් ටියුනීසියානු ජනපති බේජි එසේබ්සි මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාතික කාන්තා දිනය සමරමින් පසුගිය මාසයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපතිවරයා විසින් පැරණි විවාහ නීතිය හඳුන්වනු ලැබුවේ “සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහසට ඇති බාධාවක්” ලෙසයි.
මෙම නව නීතිය බලාත්මක කිරීමත් සමග යුවලකට ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිය විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවද හිමි වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇප

Shiran Viraj

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Shiran Viraj

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

Shiran Viraj
Translate »