mediahumanrights.lk
NewsPolitical

අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයි

ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් වර්තමානයේදී අල්ලස, දූෂණය හෝ වංචනික ක්‍රියා සිදුකිරීමට දේශපාලඥයන් බිය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරලීමේ විෂන් ට්වෙන්ටි ටුවෙන්ටි ෆයිව් රජයේ ප්‍රතිපත්ති හා ආර්ථීක දැක්ම එළිදැක්වීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
“අල්ලස, දූෂණය, වංචාව මර්දනය කරන ආයතන අපි ශක්තිමත් කරලා තියෙනවා. අපි නීතිය ශක්තිමත් කරලා තියෙනවා.  දේශපාලනඥයන් තුළ වංචා, දූෂණ සඳහා බියක් ඇති වෙලා තියෙනවා. අපි ගත්තු තීන්දු තීරණ පියවර නිසා. එදා සිදුවුණු දේවලට අද තීන්දු ගන්නවා වගේම අද සිදුවන දේවලට ඉදිරියේදීත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වේවි කියන ලැජ්ජාව සහ බය තියෙන්න ඕනේ. එහෙම ලැජ්ජාවක් සහ බයක් නැත්නම් ඒ සත්ත්වයෙක්. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබිය යුතුමයි.”
වංචා දූෂණ පිරුණු සමාජයක් සැකසීමේ මූලික ආදර්ශය දිය යුත්තේ දේශපාලකයන් බැවින් ඔවුන් පළමුව වැරදි කිරීමෙන් වැළකිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

Shiran Viraj

නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..

Shiran Viraj
Translate »