mediahumanrights.lk
NewsSportsSports News

කෝලි කාලි හමුවුනාද ? (ඡායාරූප)

පසුගියදා පැවති ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායක කෝලි සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකිරීමත් සමඟ ඒ පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමුවූවා.
ඔහු මෙලෙස එක්කරන්නේ මල්ලවපොර (WWE) ශූරයෙකු වූ Great Khali සමඟ පෙනී සිටි ඡායාරූප කිහිපයක්.
කෙසේ වෙතත් මෙම හමුවීම සිදුවූ ස්ථානය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති වුවද බොහෝ සමාජ ජාල ඔස්සේ වාර්තා වූයේ මෙම හමුව ලංකාවේදී සිදුවූවක් බවයි.
මේ අතර ඇතැමුන් විසින් මෙය හඳුන්වා දුන්නේ ඉන්දියාවේ ක්‍රීඩාවේ ශක්තිය පෙන්වීමට කෝලි විසින් තම ජයග්‍රහණයෙන් අනතුරුව මෙම ඡායාරූපය ප්‍රචාරය කර ඇති බවයි.
මෙලෙස කෝලි ඡායාරූප පළකිරීමෙන් පසුව එම ඡායාරූප පිළිබඳව විවිධ මත පලවීම ඇරඹුනා.
මේ අතර කෝලිට සහ කාලිට ආදරය කරන රසිකයෙක් විසින් මෙම ඡායාරූප සංස්කරණය කරමින් නැවත සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනා.
එහි එක් ඡායාරූපයක දැක්වෙන්නේ කෝලිගේ මුහුණ කාලිගේ සිරුරට එක්කරමින් සහ කාලිගේ මුහුණ කෝලිට සම්බන්ධ කරමින්.
ඔහු එහිදී ප්‍රකාශ කර තිබුනේ මල්ලව පොර පිටියේදී කාලි දැවැන්තයෙකු වී කෝලි කුඩා වන බවත් ක්‍රිකට් පිටියේදී කාලි කුඩා වී කෝලි දැවැන්තයෙකු වන බවත්ය.
එලෙස සංස්කරණය කර තිබූ ඡායාරූපය පහතින්.

Related posts

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj

උපුල් තරංගට තරග දෙකක තහනමක්

Shiran Viraj

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

Shiran Viraj
Translate »