mediahumanrights.lk
Entertainment Entertainment News News

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

පෙරවදනක් එක්ක මේ දවස්වල සනුකගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙලා නේද?
ඔව් මම හිතපු නැති විදියට ගොඩක් දෙනා මේ ගීතය වැලඳ ගත්තා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි පෙරවදනක් ගීතයේ සාර්ථකත්වය ගැන.
පෙරවදනක් තුළින් අහන්න ලැබුණෙ නිතර ඇහෙන වචන පෙළක් නෙවෙයි. මේ පද පෙළ ඔබට ලැබුණ හැටි මතක් කළොත්?
මේ වචන උමා අසේනි ගේ. එයාව මට මුණගැහෙන්නේ එක්තරා රූපවාහිනි වැඩසටහනකදි. එයා නිවේදිකාවක්. ඉතින් ඒ වැඩසටහන ඉවර වෙලා එයා මට කිව්වා ගීත කිහිපයක් ලියලා තියෙනවා කියලා. මම ඇයගෙන් ලබා ගත්ත ගීත කිහිපයෙන් මගේ හිත ගත්ත ගීතයක් තමයි පෙරවදනක් කියන්නේ.
වචන වගේම රූප රචනයත් ගීතයටම පෑහිලා තිබුණා නේද?
ඔව්. රූප රචනය කළේ ර්චථච’ඵ ඕධරඵ ජ්ඪතථඵ කියන වීඩියෝ ටීම් එක. ඉල්හාම්, දිමුතු සහ සිතුම් කියන තුන්දෙනා ප්‍රධාන කරගෙන තමයි මේ වැඩේ මේ විදියට සිද්ධ වුණේ. ඔවුන්ව මට මුණගැස්සුවේ ළහිරු පෙරේරා. මම සින්දුව ගිහින් දුන්න ගමන් එයාලා ගොඩක් ආස වුණා මේ වැඩේට. ඉතින් මේකෙ කන්සෙප්ට් එකේ ඉඳන් වීඩියෝ එකේ හැමදේම කළේ ඔවුන්. කොටින්ම රූපරචනයක් විදියට මම මේ වෙනුවෙන් දායක වුණේ පෙනී සිටීමෙන් සහ මුදලින් විතරයි.
අඩ නිරුවත් දර්ශන යොදලා ගීත රූපරචනා කරන එක දැන් රැල්ලක් වෙලා. සනුකගේ අලුත් වැඩේදි ඒ රැල්ල ගෑවිලාවත් නෑ නේද?
මගේ සරාගයේ ගීතය ගත්තොත් ඒ ගීතයේ තියෙන තේරුමත් එක්ක ඒ පද පෙළට අදාළව යන විදියට රූප රචනයක් කරන්න අපිට සිද්ධ වුණා. ඉතින් ගීතයේ අර්ථය අරුත් ගැන්වෙන්න රූප රචනයක් කරනවා කියන එකේ මම වැරැද්දක් දකින්නේ නැහැ. නමුත් මම මෙතන ප්‍රශ්නයක් විදියට දකින්නේ ගීතය ඇතුළෙ වෙනත් තේරුමක් තියෙද්දිත් ඒ ගීතවලට අඩ නිරුවත් දර්ශන දාලා ඍඪඥඹඵ ගන්න උත්සාහ කරන එක. අපිට එහෙම අවශ්‍ය වුණේ නෑ. ඒකයි අපි මේ වැඩේදි ඒ අවශ්‍ය විදියේ වෙනසක් කළේ.
එතකොට සනුක පෙරවදනක් හැදුවේ ඍඪඥඹඵ බලාපොරොත්තුවෙන් නෙවෙයිද?
ඇත්තටම ඍඪඥඹඵ බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි මේ ගීතය නිර්මාණය කළේ. මම මේ ගීතය එළියට දාන්න කලින් ළහිරු පෙරේරා, මනුරංග, මගෙ අම්මා තාත්තා වගේම සජිත, නදීමාල්, කෞෂාන්, එරන්ද වගේ මගේ යාළුවන්ටත් අහල බලන්න දුන්නා. එයාලගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණත් ජනතාව මේක මෙතරම් වැලඳ ගනීවි කියලා නම් මම හිතුවේ නෑ.
ලේසියෙන් හොඳක් නොකියන තාත්තගෙනුත් පෙරවදනක් ගීතයට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණ නේද?
ඔව්. සාමාන්‍යයෙන් තාත්තට මං අලුතෙන් කරන දෙයක් අහන්න දුන්නම ඒකෙ වෙනස් විය යුතු දේවල්, හැදෙන්න ඕන දේවල් තමයි මට කියන්නේ. මේ ගීතයෙත් මම මෙලඩි එක හද හද ඉන්නකොට තාත්තා ඇවිල්ලා තමයි අරුත බිඳී ගිය කියන කොටසේ වෙනස්කම් එහෙම මට කරලා දුන්නේ. ගොඩක් වෙලාවට හොඳ කියනවාට වඩා තාත්තා කරන්නේ වැරැදි පෙන්නලා දෙන එක. ඉතින් එහෙම තියෙද්දී මගේ ගීතයක් ගැන තාත්තා හොඳ කියනවා ඇහුණම දැනෙන්නේ ලොකු සතුටක්. විශේෂයෙන් මේ ගීතයේ පද පෙළ, සංගීතය, රූපරචනය කියන හැමදේ ගැනම තාත්තා ඉන්නේ සතුටින්.
පහුගිය කාලේ ට්තධපර, ච්පඪතත බඥචථ වගේ ඕචදඤවලත් පේන්න හිටපු සනුක දැන් කණ්ඩායම් සංගීතයෙන් ඉවත්වෙලාද?
මෙහෙමයි. ච්පඪතත බඥචථ සංගීත කණ්ඩායමේ නම් මම සාමාජිකයෙක් විදියට හිටියෙ නෑ. නමුත් ඔවුන්ගේ දෙවියන්ගේ බාරේ වගේ ගීතවලට මම සම්බන්ධ වුණා. එතකොට ට්තධපර කියන්නේ මමයි මගෙ පාසලේ යාළුවෝ කිහිප දෙනකුයි පටන් ගත්ත බෑන්ඩ් එකක්. අවුරුදු 4ක් 5ක් විතර කාලයක් මම ඒකෙ සාමාජිකයෙක් විදියට කටයුතු කළා. මේ අවුරුද්දෙ මුලදි මගේ ගීතවලට කාලය යොදවන්න සිදුවීමත් එක්ක මම තීරණය කළා සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙන්න. ඉතින් ඒකට එයාලගේ අකැමැත්තකුත් තිබ්බෙ නෑ. දැන් ඔවුන් ඔවුන්ගේම ගමනක් යනවා.
ප්‍රසංග වේදිකාවේදි බොහෝ වෙලාවට සන්ග්ලාස් එකක් භාවිත කරන සනුක, අම්මා ගැන ගීතය ගායනා කරද්දී විතරක් ඒක අයින් කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. ‘අම්මා’ ගීතය කියද්දි නම් මම කොහොමත් සන්ග්ලාස් භාවිත කරන්නේ නෑ. මොකද මට ආසයි මම ඒ ගීතය ගායනා කරද්දි අහන් ඉන්න මිනිසුන්ගේ මුහුණුවල හැඟීම් මොන වගේද කියලා ඇස් දෙකෙන්ම දැක ගන්න.
සනුක රූකාන්ත පවුලේ හැම ප්‍රසංගයකටම වාගේ දායක වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඇත්තටම තාත්තත් එක්ක තියෙන හැඳුනුම්කම මත තමයි මම විශේෂයෙන්ම ඒ ප්‍රසංග වෙනුවෙන් සහභාගි වෙන්නේ. ඉතින් ඒ හැඳුනුම්කමත් එක්ක රූකාන්ත පවුලෙනුත් මට ආරාධනාවක් ලැබුණා රූ සඳ රෑ ප්‍රසංගයේ වින්ඩිත් එක්ක ගී ගයන්න එන්න කියලා. ඉතින් මේ වෙද්දි වින්ඩි වගේම රයිනි අක්ක එක්කත් මම ගීත ගායනා කරනවා. ඊට අමතරව මගේ ගීතත් ගායනා කරනවා.
ඩුවට් එකක් කරන්න උමාරියා හරි වින්ඩි හරි දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්න කිව්වොත් සනුක කාවද තෝරගන්නේ?
ම්…. මට එහෙම එක්කෙනෙක් කියන්න බෑ. මම දෙන්නවම තෝර ගන්නවා.
සනුකගෙන් ඉස්සරහට එන්න තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
අලුතින් මම ගීත කිහිපයකම පොඩි පොඩි වැඩ ටිකක් කරලා තියෙනවා. ඉතින් කවදද එළියට දාන්නේ කියලා තාම අදහසක් නෑ. මට නිර්මාණ එකතුවක් එළියට දාන්නත් ආසාවක් තියෙනවා. ඉතින් එහෙම ගී එකතුවකුත් ඉස්සරහට නිකුත් කරන්න වැඩ කටයුතු කරමින් යනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

Shiran Viraj

බැසිල්ට එරෙහි නඩුව – විත්ති පාර්ශවයට සාක්ෂි සටහන් ලැබී නැහැ

Shiran Viraj

කර්මාන්ත අංශයේ වර්ධනයක්

Shiran Viraj