පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
මෙම තහනම ක්‍රියාත්මක කිරීම හදිසියේම සිදු කිරීම නිසා කර්මාන්තකරුවන් ලෙස තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පොලිතීන් කර්මාන්ත කරුවන් පිරිසක් පෙරේදා (08) හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
තමන්ට පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ මෙලෙස මෙරට බහුලව භාවිතාවන පොලිතින් වර්ග කිහිපයක් විකිණීම තහනම් කිරීම මගින් මෙම කර්මාන්තය නිසා යැපෙන පවුල් ලක්ෂ 3 ක පමණ පිරිසක් පීඩාවට පත්වන බව පොලිතීන් කර්මාන්ත කරුවන් විසින් ඇමතිවරයාට පෙන්වා දෙන ලදි.
මෙහිදී අදහස් දැක්වු සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ පොලිතීන් නිෂ්පාදනය සම්බන්ධ කර්මාන්තකරුවන් දහසක පමණ පිරිසක් අපේ රටේ ජීවත්වෙනවා.ඒ වගේම මේ පොලිතීන් හා සම්බන්ධ සෘජු රැකියා හතලිස් පන් දහසක් හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙනවා.මෙලෙස හදිසියේම පොලිතීන් නිෂ්පාදනය තහනම් කලොත් මොවුන්ගෙන් යැපෙන පවුල් ලක්ෂ තුනක් විතර අසරණ වෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් වෙනුවෙන් අපිට යොමුවීමට යම් කාලයක් ලබාදෙන්න. අපි පොලිතින් තහනම් කරනවාට විරුද්ධ නැහැ. නමුත් ඒ සදහා අපට කාලයක් අවශ්‍යයි.මේ පොලිතීන් තහනමත් එක්ක අපේ රටෙන් අපනයනය කරන භාණ්ඩවල සිදුවන ඇසුරුම් වල පවා මිල ඉහල යන්න පුළුවන් එසේ සැලකුවහොත් මේ තහනම නිසා අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්රයේ විශාල පසුබෑමක් ඇතිවිය හැකියි.”
මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ පොලිතීන් භාවිතය නිසා පරිසරයට සිදුවන අති මහත් හානිය සලකා බලා රජය විසින් පොලිතීන් භාවිතය තහනම් කිරීමට කටයුතු කිරීම යහපත් කටයුත්තක් බවයි.
කෙසේ නමුත් මෙම පොලිතීන් කර්මාන්ත කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් හා ඔවුන් ඉදිරිපත්කල කරුණු පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන අතර මේ පිළිබඳව සිකුරාදා (11) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ආර්ථික කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුවට තමා කරුනු ඉදිරිපත් කරන බවත් බදියුදීන් ඇමතිවරයා මෙහිදී කර්මාන්ත කරුවන්ට දැනුම් දෙන ලදි .
කර්මාන්ත ක්ෂේත්‍රෙයේ පිරිස් මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් සෑම අවස්ථාවකදීම විමසිලිමත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of asianmirror news web)