23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා කිහිපයකදී පරාජයවීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදි අවශ්‍ය තීරණ ගන්නා බව සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්වීමට නීති සැකසීම රටේ සියඵම ඡන්ද එකම දිනක පැවැත්වීමේ මූලික පියවර බව පැවසූ අමාත්‍යවරයා, ඉන් විශාල මුදලක් සහ ඒ සඳහා වැයවන කාලය මගහරවාගතහැකි බව පෙන්වා දෙනවා.
පළාත් පාලන ආයතනවල අමතර සභික සංඛ්‍යාව ගැසට් කිරීමට ඇති බැවින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යනු ඇත්දැයි මෙහිදි ප‍්‍රශ්න කෙරුණා. සමකැබිනට් ප‍්‍රකාශකවරුන් වන අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඊට පිළිතුරු ලබාදුන්නා.
කතානායකවරයා හෙට (31) දිනයේදී එම පනත් කෙටුම්පතට අත්සන් තබන බවත්, ඉන් අනතුරුව මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකි බවත්, දෙසැම්බර් 09ට කලින් බොහෝවිට පැවැත්වෙනු ඇතියිද අමාත්‍යවරයා පැවසුවා. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ එම වකවානුවෙන් පසුව අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීමට නියමිත බැවින් බවය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා එල්ල කළ දැඩි චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වුයේ මෙලෙසයි.
“අමූලික බොරුවක්නෙ. ඒක සැලසුම් කරල කරපු වැඩක්. බව පැවසූ අමාත්‍යවරයා, මාධ්‍යෙව්දියකු විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම පිළිබඳ විමසීමේදි “ඒක කරන්නෙ ඔයයි මමයි නෙවෙයිනෙ. ජනාධිපති තුමා.“ යැයි පැවසුවා.

Related posts

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj
Translate »