2026-01-28
mediahumanrights.lk
Local NewsNews

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිව තිබූ අතර 44 දෙනෙකු ඡන්දය ලබා දුන්නේ නැහැ. පනත් කෙටුම්පතට විපක්ෂව කවුරුත් ඡන්දය භාවිතා කළේ නැහැ.
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනි වර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවයි කතානායක කරූ ජයසූරිය නිවේදනය කළේ.
2012  අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයි

Shiran Viraj

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

Shiran Viraj
Translate »