mediahumanrights.lk
LIFE LIFE NEWS News

දැන් ඔබත් අසතුටෙන්ද..ඔබටත් විශාදය දැයි සැකහැර දැනගන්න

බොහෝ වෙලාවට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශාදය තියෙනවද නැද්ද කියලා කොහොමද හඳුනාගන්නෙ?
අපි හැමෝටම දුක හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙන සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව දුක හිතෙන වෙලාවලුත් තියෙනවා ඉතින් කොහොමද මේ දුක , විශාදය නිසා හටගත් දෙයක් ද එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙනකොට ඒ ගැටලු නිසා හටගන්නා සාධාරණ කණගාටුවක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්නේ.
කණගාටුව දුක කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක් ඒ හැඟීම් අපි නැති කරගන්න ඕන නැහැ එහෙම සාමාන්‍ය කණගාටුවක් පාලනය කරගන්නත් අපි ඉගෙන ගෙන තියෙනවා. එහෙම නැත්නම් ඉබේම නැතිවෙලා යනවා.
ඒත් විශාදයේ දී එහෙම ලේසියෙන් ඒ දුක කණගාටුව තුරන් වෙලා යන්නේ නෑ. එදිනෙදා ජීවිතය අදාල වෙන තරමට , දිනපතා වැඩ කටයුතු කරගන්න බැරිවෙන තරමට , කණගාටුව අපව වෙලා ගන්නවා.
වැඩ කරන වැඩ කරලා මහන්සි වැඩි උනහම දැනෙන කෙඩෙත්තුව විවේකයක් ගත්තා නම් අඩු වෙලා යනවනෙ. ඒත් විශාදයේ දී දැනෙන කෙඩෙත්තුව අපිව තවදුරටත් විඩා පත් කරවනවා අපි විවේකයක් ගත්තාම මහන්සිය අඩු වෙනවා වෙනුවට සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත තවදුරටත් අපිව කලකිරීමට හා වෙහෙසට පත් කරලා වැඩ කරන්න එපා කරවනවා සමහර වෙලාවට අපිටම හිතාගන්න බැරිවෙනවා අපිට දැනෙන අපහසුතාවය කුමක්ද කියලා.
වෙනදා වගේ email ටික චෙක් කරන්න හිතෙන්නේ නැත්නම් messages ටික කියවන්නෙ නැතිව ගොඩ ගැහෙනවා නම් විශාදයේ ලක්ෂණ වෙන්න පුළුවන්. වෙනදා රිගින් ටෝන් එක එනකොට සතුටින් ෆෝන් එක ගන්න කෙනෙක් ෆෝන් එක දිහාවත් බලන්න හිතෙන්නේ නැත්නම් ඇහෙන මිහිරි හඬත් කඨෝර නම් විශාදය තිබේද කියල හොයල බලන්න ඕන.
කෑම එක අතට අරගෙන ලත වෙවී ඉන්න අයත් එළියට වඩා අඳුරට ප්‍රිය කරන අයත් විශාදයට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. හැමදාම ආසාවෙන් බලපු ‍ ප්‍රියතම රූපවාහිනි නාට්‍යයත් බලන්න එපා වෙනවා නම් කොතන හරි මානසික ගැටලුවක් තියෙනවා.
මේ වගේ ලක්ෂණ දුටුවහොත් සමාන්‍ය චරිත ලක්ෂන කියල අහක බලා ගෙන යන්නේ නැතුව ඒ අයට උදව් කරන එක පින්කමක් තමන්ට එහෙම දැනෙනවා නම් ඒවට උදව් උපකාරත් තිබෙන බව හිතේ තියාගන්න.ඒ  වගේම ප්‍රතිකාර සදහා යොමු වන්න.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල.
(under the courtesy of hirunews news web)

Related posts

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Shiran Viraj

ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…

Shiran Viraj

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

Shiran Viraj