mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය.
මෙවර සංචිතය සඳහා කැඳවා තිබෙන දකුණුතින් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ මාස 8 කට පසුවයි.
මේ අතර ලහිරු ගමගේ ටේස්ට් සංචිතයට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එක්දින තරග 5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.
ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගය සඳහා සහභාගී නොවේ.
ඉන්දු – ශ්‍රී ලංකා 3 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.
ඉන්දියාව මේ වනවිට තරග 2 ට 0 ක් ලෙස තරගාවලියේ ජයගෙන සිටී.
ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය
01 – දිනේෂ් චන්දිමාල් (නායක)
02 – ඇන්ජලෝ මැතිව්ස්
03 – උපුල් තරංග
04 – දිමුත් කරුණාරත්න
05 – නිරෝෂන් දික්වැල්ල
06 – කුසල් මෙන්ඩිස්
07 – ධනංජය ද සිල්වා
08 – ලහිරු තිරිමාන්න
09 – ලහිරු කුමාර
10 – විශ්ව ප්‍රනාන්දු
11 – දුෂ්මන්ත චමීර
12 – ලහිරු ගමගේ
13 – දිල්රුවන් පෙරේරා
14 – මලින්ද පුෂ්පකුමාර
15 – ලක්ෂාන් සඳකැන්

Related posts

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයි

Shiran Viraj

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj
Translate »