32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
International NewsNews

අමෙරිකානු ආරක්ෂක ලේකම් උ.කොරියාවට අනතුරු අඟවයි

රෙජිමය සහ ජනතාව විනාශයට ලක් වන ක්‍රියාවලින් ඉවත් වන ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් උතුරු කොරියාවට අනතුරු අඟවයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව සහ එහි සන්ධානයට එරෙහි යුද්ධයකදී උතුරු කොරියාවට අතිශය දරුණු පරාජයක් අත්වනු ඇති බවයි.
සිය අවි වැඩසටහන නවතා දැමිය යුතු බව මැටිස් පියොංයැන්ග් පාලනයට අවධාරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ(09) උතුරු කොරියාවට අනතුරු අඟවා තිබුණි.
ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාවේ යුද කඳවුරු පිහිටි ගුආම් දූපතට  ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි.
මේ අතර සතුරු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහතික වී ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලු

Shiran Viraj

විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයි

Shiran Viraj

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj
Translate »