27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
LIFE LIFE NEWS News

අධික ලෙස මස්‌ කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයි

මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක්‌ මස්‌ එහිදී ප්‍රධාන තැනක්‌ ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාකාරකම්වල නිරතවීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කතාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.
මුත්‍රා ගල් ඇතිවූ විට දී රෝගියා මුහුණදෙන අපහසුතා මොනවාද?
මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශය දක්‌වා ගමන් කරන වේදනාවක්‌ හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට ද තද කැක්‌කුම් ද ඇතිවේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කළවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක්‌ ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්‍ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.
මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිළි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකිවේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ද දැකගත හැකිවේ.
තවද ශුක්‍ර නාළ අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇතිකරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණ වීම නිසා ඇති වන ස්‌ඵටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවන අවස්‌ථා ද දැකගත හැකිවේ.
මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල තියුණු ස්‌වභාවය නිසා මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකිය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශිතවද වේදනාවක්‌ ද ඇති විය හැකිය. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක්‌ ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක්‌ ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්‌වල්ප වශයෙන් පිටවීම ද ගල් ඇතිවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ.
පිත්තාශයේ ගල් ඇතිවීම පිළිබඳ පැහැදිළි කළොත්
මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිත කැක්‌කුම් ඇති නොවේ. බොහෝ දුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකිවේ. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්තනාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරනු ලැබේ. ඇතැම් විට එසේ පැමිණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදුවේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, එවැනි පීඩාකාරී තත්ත්වයන්ය.
තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇතිවී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.
එතකොට වෛද්‍යතුමනි පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු?
ආහාර ජීර්ණයේ දී ඇතිවන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතුවේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත්වේ. තවද වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙසින් හටගන්නා ඔක්‌සලේට්‌ පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්‌කාලි සමඟ හාල්මැස්‌සන් ආහාරයට ගැනීම නිසා ඔක්‌සලේට්‌ පදාර්ථ ඇතිවේ.
මෙවැනි රෝග සඳහා පවතින පිළියම් ලෙස ඔබතුමන් දක්‌වන අදහස?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක්‌ වන්නේ ආහාර ජීර්නයේ ඇතිවන යම් යම් දුර්වලතාවන්ය. ආහාර ජීර්ණයේ විෂමතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදුවේ. එවැනි වෛද්‍ය ක්‍රමයක්‌ භාවිත කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම අතුරු ආබාධ ඇතිවීමද සිදුනොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මික තා ද දුරු වී යනු ලැබේ.
මුත්‍රාශ්මරි, පිත්තාශ්මරි රෝගයන්ට සමගාමීව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් සහ ඒවාට ඔබතුමන් ඉදිරිපත් කරන නව ප්‍රතිකාර ගැන සඳහන් කළොත්?
මෙවැනි රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝගවලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝග ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්‌, බඩ පුරවා දැමීම, මළ බද්ධය, බඩගින්න ඇති වීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දොaෂ (ගැස්‌ට්‍රයිටීස්‌ මේ අතුරින් ප්‍රධාන තැනක්‌ ගනී.) හිසේ කැක්‌කුම, නින්ද නොයැම, අධික නිදිමත, අධික ලෙස කේන්තියැම, ඇස්‌ කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්‌සීම, අත්පා ඇඟපත දැවිල්ල, අත් කකුල් ඇඟිලි හිරිවැටීම් ආදී බොහෝ රෝග ලක්‍ෂණ අවස්‌ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන් ද පෙළේ.
විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක පිට එක රෝග තත්ත්වයක්‌ හෝ ලක්‍ෂණයක්‌ පිළිබඳ පමණක්‌ සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්‍ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම්සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්‌ටාවටම සුවකරගත හැකිය.
වත්මන් සමාජය බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ තිරසාර විශ්වාසයක්‌ ගොඩනඟගෙන තිබුණ ද මෙම වෛද්‍ය කර්මයන්හි දී අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකස්‌ කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කරගැනීම නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ.
නමුත් ඉපැරැණි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්‌මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්‌ඨාවටම සුවපත් කර ගැනීමට නව මගක්‌ විවර කරමිනි.
ඕනෑම කාර්යබහුල අවස්‌ථාවන්හිදී රැකියාවක්‌ කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ඨ වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්‌ටාවටම සුවපත් කිරීම උදෙසාය.
(under the courtesy of adaderana news web)

Related posts

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

Shiran Viraj

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Shiran Viraj