mediahumanrights.lk
Local NewsNews

විසිපන්දහසේ දඩය ගැන ගැමුණුගේ ස්ථාවරය ඉරිදා! අන්ජන සාකච්ඡාවක! ත්‍රීවීල් මත දෙකක

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රුපියල් 25ල000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් සහ ත්‍රී රෝද රථ හිමියන් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රයන්ජිත් පවසනවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන ඉරිදා පරය සකාශ කරන බවයි.
මේ අතර දඩ මුදල් සංශෝධනය කිරීමෙන් රජය අපේක්ෂා කරන්නේ අනතුරු අවම කිරීමට නම් එය ඵලදායි නොවන බව ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා පවසනවා.
කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයක්. එහි සභාපති සුදිල් ජයරුක් පැවසුවේ යෝජිත දඩ මුදල් සංශෝධනයෙන් වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන්ට බලපෑමක් ඇති නොවන බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 4.1% දක්වා අඩුවෙලා – සමීක්ෂණ වාර්තාවක් කියයි

Shiran Viraj

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj

IPL තරගාවලිය යළි අවධානමක

Shiran Viraj
Translate »