mediahumanrights.lk
Local NewsNews

වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටු

මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත් නාවික නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී ඔවුන් සතුව තිබී වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන ප්ලාස්ටික් කූරු 25ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් අද (10) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මුලතිව් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

ගෝඨාභය එයි

Shiran Viraj

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Shiran Viraj
Translate »