mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් තිබෙනවා.
ඒ, සංදේශයක් භාරදීම සඳහායි.
පිටකොට්ටේ පිහිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ දී මෙම හමුව සිදුවන බවයි වාර්තා වුණේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැරූ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කළහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) කියා සිටියා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දුන්නේ රටේ කීර්තිමත් පුද්ගලයෙකු වන කාලෝ ෆොන්සේකා සභාපති තනතුරේ තවදුරටත් සිටිය යුතු බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

Shiran Viraj

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj

අද සිට වැසි අඩුවන ලකුණු

Shiran Viraj
Translate »