mediahumanrights.lk
Local NewsNews

දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයි

පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ සැකකරු ඊයේ(1) පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
සැකකරු පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම්  ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපති

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj

දැරියන් තිදෙනාට හදි කළ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවට

Shiran Viraj
Translate »